යුක්තියෙන් ලක්ෂයක් ඉක්මවූ අත්අඩංගුවට ගැනීම් තුළ මහපරිමාණ ජාවාරම්කරුවෝ නැහැ?
පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වෙනි දින “යුක්තිය“ නමින් දියත් කරන ලද මෙහෙයුමෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ලක්ෂය ඉක්මවූ සංඛ්‍යාවක් අත්තඩංගුවට ගෙන ඇති බව නිල වශයෙන් හෙළි කර තිබේ.
දෙසැම්බර් 17 වෙනි දින සිට මැයි 11 වෙනි දින දක්වා 111,074ක් අත්තඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළි කර තිබේ. එම කාලය තුළදී හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් කිලෝග්‍රෑම් 43ක්, මත් පෙති ලක්ෂ 3ක් අත්තඩංගුවට ගත් බව දත්ත සහිතව ප්‍රකාශ කර තිබේ.
ඊයේ (13) නිකුත් කළ දිනමිණ පුවත්පත මේ සම්බන්ධයෙන් පළ කළ ප්‍රවෘත්තියේ සිරස්තලය යොදා තිබෙන්නේ “යුක්තියට කොටු වූ කුඩ්ඩන් ගණන ලක්ෂය පනී“ යනුවෙනි. එහෙත් මහා පරිමාණ ජාවාරම්කරුවන් කිසිවෙකු හෝ අත්තඩංගුවට ගත් බවට තොරතුරු සඳහන් නොවේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

