යුක්තිය ක්‍රියාත්මකයි – ඝාතන රැල්ලත් දිගටම ක්‍රියාත්මකයි
පාතාල අපරාධ මැඬලීමට පැය 24 පුරා ක්‍රියාත්මක සන්නද්ධ පොලිස් යතුරු පැදි බළකා සහ විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාවක් සහිතව ඇති අහුංගල්ල පොලිස් බල ප්‍රදේශය තුළ එක දිගට සිදු වූ දෙවැනි වෙඩි තැබීම හා මිනිස් ඝාතනය ද පසුගිය 10 වැනි සිකුරාදා වාර්තා විය.
අහුංගල්ල මරදාන ප්‍රදේශයේ පිහිටි නිවෙසකට පැන පසුගිය සිකුරාදා (10) ඝාතනය කරනු ලබන්නේ පෙදරේරුවෙකි. ඩුබායිහි රැඳී සිටින අහුංගල්ලේ බබා විසින් කුලී ඝාතකයකු යොදා මෙම ඝාතනය කර ඇති බව විමර්ශන වලින් හෙළි වී තිබේ.
අහුංගල්ලේ බබාගේ පියා වන කළුහත් කීර්තිසේන ආබෲ නමැති අයට පසුගිය 08 වැනිදා වෙඩි තබා කළ ඝාතනයට පළි ගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය විශ්වාස කරයි.
අහුංගල්ලේ බබාගේ පියාගේ ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිසිය විශ්වාස කරනු ලබන්නේ කුඩු මධූෂා නමැති ඩුබායිහි රැඳී සිටින අහුංගල්ලේ පදිංචිකාරියක වන මත්කුඩු ජාවාරම්කාරියකි.
පොලිසිය පවසන්නේ පසුගිය 10 වැනිදා රාත්‍රී කාලයේදී පාගමනින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා මරා දමන්නේ ඇගේ සමීප ඥාතියකු බවය.
වෙඩික්කරුවන් පැමිණ සොයා ඇත්තේ ඝාතනය වූ පුද්ගලයාගේ පුතාව බව පොලිසිය කියයි.
පුතා නොමැති වූ තැන පියාට වෙඩි තබා ඔවුන් පලාගොස් ඇති බව පොලිසිය කියයි.
එස්. ජී. ගාමිණී ද සිල්වා නමැති 54 හැවිරිදි වියේ පසුවන ඔහුට වෙඩ් තබා මරා දමා ඇත්තේ මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකිනි.
මෙම ඝාතන දෙක මෙහෙයවා ඇති අහුංගල්ලේ බබා මෙන්ම අහුංගල්ලේ කුඩු මධූෂා යන දෙදෙනාම මත්කුඩු ජාවාරම්කරුවන් බව පොලිසිය කියයි.
එක් අයකු කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයත් අනෙක් අය රත්ගම විදුරගේ පාර්ශ්වයත් නියෝජනය කරන බව පොලිසිය සඳහන් කරයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

