සොබාදහම මට යලි අවස්ථාව දුන්නා – මුජිබර් රහුමාන්
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවංක අභියෝගයක් බාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම නිසා සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අවංකව නොපැමිණි නිසා ඩයනාට පාර්ලිමේන්තුවෙන් යන්න වූ බවද මන්ත්‍රීවරයා කීය.
ඩයනා විදෙස් පුරවැසියෙක් කියා සජබ මුලදී දැනගෙන හිටියේ නැතැයි කී මන්ත්‍රීවරයා ඇය කොලේ වසා කටයුතු කර ඇතැයි යන කාරණය දැන ගත් වහාම ඒ බව අධිකරණයට දැනුම් දුන් බව පැවසීය.
නමුත් ආණ්ඩුව එතුමිය ආරක්ෂා කළ බව කී මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයට පහර ගැසීම සඳහා ආණ්ඩුව විසින් ඩයනා අවභාවිතා කළ බව සඳහන් කළේය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

