උණවටුන වෙරළ වේගයෙන් මුහුදට බිලිවෙයි
ගාල්ල උණවටුන වෙරළ තීරය දැඩි ලෙස ඛාදනය වෙමින් ඇතිබව ප්‍රදේශවාසි ජනතාව පවසයි.
මේ වනවිට වෙරළ තීරයේ වැලි ස්ථරය දැඩි ලෙස ඛාදනය වෙමින් තිබේ.
වෙරළ තීරයේ තිබූ බොහෝ වැටකෙයියා ඇතුළු තෘණ පඳුරු මුහුදු රළට හසුවී ගැලවීගොස් ඇතිබව ජනතාව පවසයි.
පවතින ඛාදන තත්වය තවදුරටත් පැවතියහොත් වෙරළ තීරය සමීපයේ ඇති සංචාරක හෝටල් ඇතුළු ගොඩනැගිලි මුහුදට ඛාදනය වීමේ අවධානමක් පවතියි.
වෙරළ තීරය ආරක්ෂාවීම සඳහා යොදා තිබූ තාවකාලික ගල් වැටිද මේ වනවිට ගැලවීගොස් තිබේ.
වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රදේශයේ ජනතාව විසින් වැලිකොට්ට අතුරා තිබේ.
එය වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පවසන ජනතාව තාවකාලික ආරක්ෂාව පමණක් ඇති බව පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

