Latestදේශීය

රනිල්ගේ හාල් කුකුලන්ටත් විසයි – දැනට 7ක් මැරිලා

ආර්ථිකය බංකොලොත් කිරීම නිසා අන්ත දුගීභාවයට පත්වී සිටින ජනතාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බෙදා දෙන ලද සහල් ආහාරයට ගත් කුකුලන් 7 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ පරීක්ෂනයක් ආරම්භ කර තිබේ.

රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී ජනතාව සඳහා බෙදා දුන් සහල් ආහාරයට ගත් කුකුළන් රෝගී වී මිය ගිය බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කර තිබිණි. මේ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් රම්බඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අදාළ සහල් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙස පසුගිය 10 වෙනිදා මහේස්ත්‍රාත් යූ. එස්. කේ. කේ. වරුණියගොඩ විසින් නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් රිදීගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. මේ වනවිට විවිධ වාර්තාවලින් හෙළිවී තිබෙන්නේ ලෝක ආහාර සංවිධානය ඇතුළු සංවිධානවලින් අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා පරිත්‍යාග කරන ලද සහල් තොග කල් ඉකුත්වීමට ඉඩහැර මිනිස් පරිභෝජනයට නුසුදුසු එම සහල් නැවත සකස් කර බෙදා දී ඇති බව ය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *