Latestක්‍රීඩාදේශීය

20-20 සදහා කන්ඩායම පිටත්වෙයි – කුසල් නතර වෙයි

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්ති පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(14) දිනයේ මෙරටින් පිටත්ව ගොස් තිබේ.

නමුත් ශ්‍රී ලංකා  පිලේ පිතිකරු කුසල් මෙන්ඩිස් හා පන්දු යවන ක‍්‍රීඩක අසිත ප‍්‍රනාන්දු වීසා ගැටළුවක් මත අද දිනයේ කණ්ඩායම සමග පිටව ගොස් නැත.

කෙසේ නමුත් ඔවුන් ඉක්මනින්ම පිටත් කර යැවීම සඳහා කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා  ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කළේය.

ශ්‍රී ලංකා  කණ්ඩායම ඇමරිකාව බලා පිටත්ව යාමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමු විය.

එළඹෙන ජුනි මාසයේ සිට 20-20 ලෝක කුසලාන තරගාවලිය ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙවු දූපත්හිදී පැවැත්වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *