Latestදේශීය

පෙරපාසැල් යායුතු දරුවන් 20%ක් පෙරපාසල් නොයයි – යුනිසෙෆ් සංවිධානය

පාසල් තුළ ස්ථාපිත හිස් ගොඩනැඟිලි මුල් ළමාවිය සංවර්ධන ඉගැන්වීම් සඳහා ලබාදීමේ හැකියාව පවතින බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  ඊයේ(14) පාර්ලිමේන්තුවේදී පැවසීය. පෙර පාසැල් යා යුතු  වයසේ සිටින දරුවන්ගෙන් 20% ක් පාසල්ගත නොවන බව යුනිසෙෆ් වාර්තාන්ගෙන් අනාවරණය වී ඇති බවත් දරිද්‍රතාව සහ දුර බැහැරට දරුවන් ගෙන යාමට නොහැකි වීම   මීට හේතු වී ඇතැයි ද හෙතෙම පැවසිය.

පෙර පාසල් අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයට සම්බන්ධ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී  හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයට  පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රට පුරා පාසල් 10,096 ක් පිහිටා ඇති අතර ඉන් 6000 ක පමණ සිටිනුයේ දරුවන් 200 කට අඩු සංඛ්‍යාවක් වන අතර දරුවන් 50 කට අඩුවෙන් අධ්‍යාපනය ලබන පාසල් 900 කට වැඩි සංඛ්‍යාවක් තිබෙන බවත් එවැනි හුදෙකලා පාසල් ආශ්‍රිතව තිබෙන ගොඩනැඟිලි මුල් ළමාවිය අධ්‍යාපන වැඩසටහන් පවත්වාගෙන යාමට ලබාදිය හැකි වුණත් පාසල් අධ්‍යාපනයට පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධ නොකරණ බවත් ඇමැතිවරයා  පැවසීය.         

පෙර පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට දෙන සහායක් ලෙස ප්‍රාථමික ගුරුවරුන් මඟින් අවශ්‍ය නම් අධීක්ෂණයක් කර දිය හැකි බවත් පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථාන විවිධ නම්වලින් හඳුන්වන අතර මොන්ටිසෝරි, පෙර පාසල් යැයි මෙම මධ්‍යස්ථාන හැඳින්වීම සිදු කළ ද, මොන්ටිසෝරි කියන නමම වැරදි බවත් ඇමැතිවරයා  කීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *