බිරිඳ මරා වැසිකිළි වලක දමලා – වසර 4කට පසු සැමියා අත්අඩංගුවට
(චන්ද්‍රසිරි ගුණසේකර)
සිය බිරිඳ මරා වැසිකිළි වළක දමා සැඟවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වසර හතරකට පසුව අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය කියයි.
හිනිදුම තුඩුගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි බව කියන වයස අවුරුදු 44 ක් පමණ වන සිය බිරිය අතුරුදහන්ව ඇති බවට 2020 ජූලි මස 07 වන දින සැකකාර සැමියා විසින් හිනිදුම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මේ පිළිවඳව පරීක්ෂණ පැවැත්වූ ගාල්ල දිසා අපරාධ කොට්ටාසයේ නිලධාරීන්ට මියගිය කාන්තාවගේ සැමියා ගැන ඇතිවූ සැකයක් මත ඔහු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට හැකිවී ඇත්තේ බිරිඳට පහරදී ඝාතනය කර පසුව ඇගේ සිරුර වැසිකිළි වලකට දමා වසා ඇති බවය.
ඒ අනුව සැකකාර සැමියාගෙන් හෙළිකරගත් තොරතුරු අනුව පරීක්ෂණ පැවැත්වීමේදී සැමියා විසින් බිරිඳ ඝාතනය කර වළදැමූබව කියන වැසිකිළි වළේ තිබී සිරුරක කොටස් සොයාගැනීමට හැකිවී ඇත.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

