අවධානම ඉහළට – ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දමයි
පවතින අධික වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12, සහ 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල පස්කඳු, ගල්පර්වත සහ ගස්කොළන් කඩා වැටීමත් කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම සක්‍රීය වී දැඩි අවදානමක් මතු වී තිබීමත් හේතුවෙන් අද (16) පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව ඇල්ල පොලිසිය පවසයි.
දැනට විකල්ප මාර්ගය ලෙස ඇල්ල, කුඹල්වෙල, බණ්ඩාරවෙල, හපුතලේ, බෙරගල, කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙයි.

විශේෂයෙන් අධික වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාමේ අවධානම වඩාත් වැඩිවි ඇති හෙයින් එම නාය යාමේ ස්ථානයේ පස්කදු ජලපහරක් සමඟ ප්‍රධාන මාර්ගයට ගලා යාම ආරම්භ වී ඇත. මේ හේතුවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය භාවිතා කිරිම දැඩි අවධානම් බවද ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ සදහන් කරයි.
දැනට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් පතිත වන බවත් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තැනින් තැනට තව දුරටත් පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙ දැඩි අවදානමක් මතු වී ඇති බවත් ඔහු පවසයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

