Latestදේශීය

ජනාධිපතිවරණ ගැසට් පත්‍රය ජූලි මාසයේ – මහින්ද අමරවීර

ජනාධිපතිවරණය සඳහා වූ ගැසට් පත්‍රය එළඹෙන ජූලි මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ඇමති මහින්ද අමරවීර,

“ජනාධිපතිවරණය සඳහා වන ගැසට් පත්‍රය පළ කිරීමෙන් පසුව කිසිදු සංවර්ධන කටයුත්තක් ක්‍රියාත්මක කළ නොහැකියි. මේ නිසා ජූලි මාසයෙන් පසුව ජනාධිපතිවරණය අවසන් වන තෙක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. රජය විසින් අවශ්‍ය තරම් මුල්‍ය ප්‍රතිපාදන ඒ සඳහා ලබා දී තිබෙනවා. නමුත් සමහර අංශ තවමත් මුලික කටයුතුවත් අවසන් කර නැති බව පෙනෙනවා”

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *