සජබ පාලනයකදී මත්පැන් හල් අහෝසියි? – සජිත් ප්‍රේමදාස
සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව ඩේලි මිරර් වාර්තා කරයි.
සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් පමණක් ඊට සහන ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.
රටේ දරුවන් බේරා ගැනීම සඳහා එය සිදු කරන බවද පැවසූ ඔහු මෙම ප්‍රකාශයෙන් තමන්ට ඡන්ද නැති වන නමුත් දරුවන් වෙනුවෙන් සිදුකරන බවත් හෙතෙම ජන හමුවක් අමතමින් කියා සිටියේය.
දැනට ලබාදී ඇති මත්පැන් බලපත්‍ර සියල්ල තම පක්‍ෂය බලයට ආපසු අවලංගු කරන බවද ඔහු තවදුරටත් පැවසුවේය.
කෙසේ වෙතත් ඩේලි මිරර් පුවත්පතේ එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ තමන්ගේ කිසිදු මාධ්‍ය හමුවක් ආවරණය කිරීමට එම පුවත්පතට මින් ඉදිරියට අවස්ථාව ලබා නොදෙන බවයි.
තමන් විසින් මත්පැන් බලපත්‍ර තහනම් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හිතාමතාම සාවද්‍ය ලෙස පල කර ඇති බවට ද ඔහු චෝදනා එල්ල කරයි.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

