සෑම සංචාරකයෙකුටම තේ සිහිවටනයක්
මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනා කළේය.
අමාත්‍යවරයා මේ යෝජනාව ඉදිරිපත් කලේ , තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පසුගියදා (13) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී ය.
ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු ගුවන් තොටුපොළෙන් නික්ම යන අවස්ථාවේ දී ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට නියමිතයි .
රජය මෙන්ම පුද්ගලික අංශයේ ද සහයෝගය ඇතිව මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර සාකච්ඡාවේදී ඊට පුද්ගලික තේ කර්මාන්තකරුවෝද සිය එකඟත්වය පළ කළහ.
මේ සඳහා වැය වන මුදල තේ මණ්ඩලය හා පුද්ගලික අංශය විසින් දැරීමට නියමිතය.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් විශාල පිරිසක් තේ කර්මාන්ත ශාලා මෙන්ම තේ වතු නැරඹීම සඳහා පැමිණෙන අතර ශ්‍රී ලංකාවේ තේ පානය සඳහා ද විශාල උනන්දුවක් දක්වයි.
මේ නිසා සංචාරකයින් අතර අප රටේ තේ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා තේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

