Latestදේශීය

ෆොක්ස් හිල් මෝටර් රථ අනතුරෙන් තවත් සිසුවියක් ජීවිතක්ෂයට

පසුගිය අප්‍රේල් මස 21 වෙනි දින දියතලාව ෆොක්ස් හිල් (නරියා කන්ද) මෝටර් රථ ධාවන තරඟයේදී 07 දෙනෙකුට දිවි අහිමි කරමින් සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

දියතලාව පොලිස් වසමේ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සත්දරණී කාවිෂ්කා දැරියගේ මෘත ශරීරය මේ වනවිට ඥාතීන්ට බාරදීම සඳහා බදුල්ල මහා රෝහලේ තැන්පත් කර ඇත.

එහිදී ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුට දිවි අහිමි වූ අතර සෙසු සියලුදෙනා තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අයයි.

මෙහිදී දිවි අහිමි වූ අය වන්නේ 08 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන යන 07 දෙනාය.

මෙම අනතුර සම්බන්ධයෙන් තරඟ සංවිධායකයන් හට දැඩිව චෝදනා එල්ල වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *