Latestවිදේශීය

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි

ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ බ්‍රැටිස්ලාවාහි අගනුවර සිට ඊසාන දෙසින් කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි කුඩා නගරයක් වන හැන්ඩ්ලෝවාහිදී වෙඩි තබා තිබේ.

වෙඩි තැබීම සිදු වුයේ, අගමැති රොබට් ෆිකෝ සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිරිපිට මිනිසුන්ට ආචාර කරමින් සිටියදීය.

අගමැතිවරයාට පැය 3කට අධික කාලයක් ශල්‍යකර්මයක්ද සිදු කර ඇති බව එරට ආරක්ෂක ඇමති රොබට් කලිනක් මාධ්‍ය වෙත පවසා ඇත.

කෙසේනමුත් අගමැතිගේ තත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම “ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයක්” ලෙස ජනාධිපති ඇතුළු ස්ලෝවැකියානු දේශපාලඥයින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා එම ස්ථානයේම රඳවාගෙන සිටින නමුත් බලධාරීන් විසින් මෙතෙක් නිල වශයෙන් ඔහුගේ අනන්‍යතාවය හඳුන්වා දී නැත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *