Latestදේශීය

ජනගහනයෙන් 45%කට අධි රුධිර පීඩනය

මෙරට ජනගහනයෙන් 45%ක් අධි රුධිර පීඩනයට ‍ගොදුරු වී ඇති බවත් අධි රුධිර පීඩනය මෙරට බෝ නොවන රෝග අතර ජනතාව තුළ බහුලව දැකිය හැකි රෝගයක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්ධි සමරකෝන් පවසයි.

අධි රුධිර පීඩනය යනු සරලවම, සිරුරේ රුධිරය සංසරණය වන වේගය වැඩි වීම බවත් එය රෝග රැසකට මුල් වන රෝගයක් බවත් ඇය අවධාරණය කරයි.

අධි රුධිර පීඩනය වැළදීමෙන් වැළකීමට යහපත් ආහාර රටාවක් ඇතුළු නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවත් තම රුධිර පීඩනය වරින් වර මැන නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමෙන්, රෝගය හේතුවෙන් සිදු වන හදිසි මරණ වළක්වා ගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්ධි සමරකෝන් වැඩිදුරටත් පවසයි.

ඇය මේ බව සඳහන් කළේ අද (17) දිනයට යෙදෙන ලෝක අධි රුධිර පීඩන දිනය නිමිත්තෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිණි. “ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කර දිගු දිවියක් ගත කරන්න” මෙරව එහි තේමාව බවද ඇය සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *