Latestවිදේශීය

පුටින් නැවතත් චීනයට

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් වසරක් ඇතුළත දෙවැනි වරටත් චීනයේ නිල සංචාරයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන යුද අරගලය හේතුවෙන් සම්බාධක රැසකට මුහුණ පා සිටින රුසියාව එම කාලය තුළ චීනයට බෙහෙවින් සමීපව කටයුතු කළ බවත්, වසරක කාලය තුළ දෙරටේ රාජ්‍ය නායකයන් එකිනෙකා හමුවන තුන්වැනි අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට පෙර චීන ජනාධිපති ෂී ජින්පින් ද රුසියාවේ සංචාරයක නිරතව තිබිණි.

මෙවර රුසියානු නායකයාගේ චීන සංචාරය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇරැඹීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් සිදුවන අතර, චීනය සහ රුසියාව සහෝදරයන් බව ඊයේ සිය චීන සංචාරයේ පළමු දිනයේ පැවති සංවත්සර උලෙළේදී පුටින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *