ස්ලෝවේකියාවේ අගමැති බර්නාඩ් ෆිකෝගේ තත්ත්වය යහපත් අතට
වෙඩි ප්‍රහාරයකට ලක්වූ ස්ලෝවේකියාවේ අගමැති බර්නාඩ් ෆිකෝගේ තත්ත්වය යහපත් බව එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 59 හැවිරිදි කොමියුනිස්ට්වාදී අගමැතිවරයා පෙරේදා හැන්ඩ්ලෝවා නුවර ගොඩනැඟිල්ලක පැවැති රජයේ රැස්වීමකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි පහර 5ක් තබනු ලැබූ බවත්, එම වෙඩි පහරින් අගමැතිවරයාගේ හිසට සහ පපුවට තුවාල සිදුවූ බවත් අභ්‍යන්තර ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ අගමැතිවරයා ඝාතනය කිරීමට බව ද ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.
වෙඩි තැබූ පුද්ගලයා 71 හැවිරිදි දේශපාලන ක්‍රියාකාරිකයකු හා ලේඛකයකු වන අතර, වෙඩි තැබූ දිනයේදීම පාර්ලිමේන්තුවේදී ස්ලෝවේකියාවේ ජනප්‍රිය රූපවාහිනී නාළිකාවක් වසා දැමීම සම්බන්ධව සාකච්ඡාවක් පැවැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

