සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට ජුනි 04 සිට උසස්පෙළ පන්ති
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ජූනි මස 04 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ සඳහා සියලු කටයුතු සූදානම් අතර ඊට අදාළ චක්‍රලේඛය මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය සියලු පළාත්වල අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ චක්‍රලේඛය මේ වන විටත් නොලැබුණු විදුහල්පතිවරුන් වේ නම් ඒ පිළිබඳ පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසන ලෙසත් පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

