ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්න
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ රෆා නුවර සිදු කරන ප්‍රහාර නැවැත්වීමට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී ඊයේ එම ඉල්ලීම සාකච්ඡාවට ගෙන ඇතැයි ද, අද ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
රෆා නුවර සිදු කරන ප්‍රහාරය ජන සංහාරයක් බව ප්‍රකාශ කරමින් දකුණු අප්‍රිකාවේ නීතිඥ කණ්ඩායම ඊයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී ප්‍රකාශ කර ඇති අතර, රෆා නුවරට හමුදාව යවා ගොඩබිම් ප්‍රහාරයක් සිදු නොකර හමාස් සංවිධානය පරාජය කළ නොහැකි බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

