නිලාවේලි වෙරලේ සංචාරක යාත්රාවකට ගිනිතියලා
(අමදෝරැ අමරජීව)
නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්රවාහන කරන යාත්රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.
මෙම යාත්රාව සම්බන්ධයෙන් කලක සිට තවත් පාර්ශවයක් සමග ආරවුලක් පවතින අතර එයට අදාළව ත්රිකුණාමල මහේස්ත්රාත් අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් තිබියදී මෙම ගිණි තැබිම සිදුකර තිබේ.
යාත්රාවේ අයිතිකරු වන නිලාවේලි ගෝපාලපුරම් පදිංචි ලියනගේ චතුරංග පෙරේරා නැමති අය පොලිසියට පැමිණිල්ලක් කරමින් මෙම ගිණි තැබිම සම්බන්ධයෙන් සැක කරන අයකු පිළිබඳව පවසා ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේළි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

