Latestදේශීය

රනිල් ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි.

10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර සිය දෙදින නිල සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප පළක් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වනු ඇත.

ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *