සජිත් වැඩේ අතටම අරගෙන
ඩයනා ගමගේගේ මන්ත්‍ර ධුරය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරියන් දැඩි විරෝධය පළ කර ඇති අතර තත්වය සමනය කිරීමට සහ මන්ත්‍රීවරුන් ඉවත්ව යාම වැළැක්වීම ඍජුවම සජිත් ප්‍රේමදාස අතට ගෙන ඇති බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ සමඟ මේ වනවිට ඍජුවම කටයුතු කරන පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හට දැල එලා ඇති බව හෙළි වී තිබිණි. එසේ රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සූදානම් වන මන්ත්‍රීවරුන් වළක්වා ගැනීම ඍජුවම සජිත් ප්‍රේමදාසගේ මැදිහත් වීමෙන් කටයුතු කරන බව හෙළි වී තිබේ.
ජූනි 16 වෙනි දින රනිල් වික්‍රමසිංහ නව වටයකින් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් එක්කර ගැනීමට සූදානමින් සිටින බව හෙළි වීමත් සමඟ සජිත් ප්‍රේමදාස එම නව ප්‍රවේශය ලබා ගෙන ඇති බව වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

