Latestදේශීය

රතුපස්වල නඩුවෙන් ‌(හිටපු) මේජර් ඇතුළු 4ක් නිදොස්කොට නිදහස්

වැලිවේරිය නගරයේදී රතුපස්වල ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු  මියයාමේ සිද්ධියට සම්බන්ධ නඩුවෙන් හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය ඊයේ (17) නියෝග කළේය.

ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින්  පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්විය.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මියගොස්  පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *