Latestදේශීය

ඉරාන තානාපතිට පහර දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිට පහරදීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් හෙට (20) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

ඔහු කොළඹ 07 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

තානාපතිවරයා කොළඹ 02 මුත්තයියා පාර ප්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයක රථගාලට සිය රථය ඇතුළු කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමග ආරවුලක් හටගෙන තිබුණි.

එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පළායාමට උත්සාහ දරා ඇත.

එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස පළා යාමට උත්සාහ දරමින් තිබූ මෝටර් රථයේ බොනට්ටුවට අත තබාගෙන පොලිස් නිලධාරීන් පැමිණෙන තුරු සිටින ලෙස මෝටර් රථයේ රියදුරට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.

එම අවස්ථාවේදී තානාපතිවරයා බොනට්ටුව මතට වැටී ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා, තානාපතිවරයාද සමග මෝටර් රථය මීටර් 15ක් පමණ දුරට ධාවනය කර නවතා ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *