Latestදේශීය

දිස්ත්‍රික් 7කට නාය යෑමේ අනතුරු අඟවයි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19 )නිකුත් කර තිබේ.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නාය යැමේ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට  දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, බදුල්ල,හාලිඇල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

 මෙයට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිල්හල, අගලවත්ත,මතුගම සහ වලල්ලාවිට,යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස, මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර සහ කඩවත් සතර,උඩදුම්බර, උඩපළාත, උඩුනුවර, යටිනුවර, පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය,යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ද,

 කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල,  දැරණියගල, දෙහිඕවිට, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, වරකාපොළ , යටියන්තොට, සහ බුලත්කොහුපිටිය, යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල,ඉඹුල්පේ,අයගම,ඇහැලියගොඩ , කලවාන,බලංගොඩ, ඇලපාත,රත්නපුර සහ කුරුවිට යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහාද පළමු මට්ටමේ  නාය යැමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

 අතර එම අනතුරු ඇඟවීම හෙට 20 වනදා අළුයම දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *