Latestදේශීය

පොහොට්ටුවට සහ රනිල්ට ප්‍රභලයෙක් වූ උදයංග වීරතුංග

රුසියාවට කුලී හේවායන් ලෙස යවන ලද මිනිස් ජාවාරමක් සමඟ යළි කරලියට පැමිණ සිටින උදයංග වීරතුංග පොහොට්ටු පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ යන දෙපාර්ශවයේ ම මත පළ කරන්නා බවට ද ඉදිරියට පැමිණ සිටී.

ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙන්නේ ජූනි මස 14 හෝ 15 වෙනි දින පාර්ලිමේන්තුව විසිරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණය මුලින් ම පවත්වන බවයි. එම මැතිවරණයේ පොහොට්ටු පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා නම් කරන බව ද ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල සහ රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවයකට පැමිණ අවසන් බවත් ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ස්ථීර වශයෙන් ම ඉදිරිපත් නොවන බවත් ප්‍රකාශ කර තිබේ. උදයංග එම ප්‍රකාශයේ යටි අරමුණ සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේශකයන් විවිධ මත පළ කරමින් සිටිති.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?