Latestවිදේශීය

ඉරාන ජනාධිපති අතුරුදන් – ඉරානයම කැළඹේ

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය.

යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හදිසියේ ගොඩබෑමට නියමුවන් උත්සහ කළ අවස්ථාවේදී එය අනතුරට පත් වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. යානය කඩා වැටෙන්න ඇතැයි සැක කෙරේ.

යානය අනතුරට පත්වුණු ස්ථානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කෙරුණු නමුත් තවමත් එම ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකි වූයේ නැතැයි ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

(බීබීසී)


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *