Latestදේශීය

පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 1000කට පුහුණුව

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා  ගැනීමේ  පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙීපොල, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් හෙට දින (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

2015 / 2016 / 2917 යන වර්ෂවල උසස්පෙළ  ඔනෑම විෂය ධාරාවකින්  එක් වරකදී විෂයන් 03 සමත් අයදුම්කාරිනියන්ගෙන් අයදුම්පත් කැදවන ලද අතර ඒ සදහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කාරිනියන් 2836 ක් පුහුණුව සදහා තෝරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන ලදී.

කණ්ඩායම් දෙකක් වශයෙන් එම පිරිස පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය  කටයුතු කල අතර පළමු කණ්ඩායම පුහුණු පාසල්වල පුහුණුව අවසන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත.  

එහි දෙවන කණ්ඩායම මෙම කණ්ඩායම වන අතර මෙම අභ්‍යාසලාභීන් 1000 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුහුණු හා පර්යේෂණ අංශය විසින් ආරම්භකරන ලද නව පුහුණු මධ්‍යස්ථාන වන ද සොයිසා කාන්තා රෝහල, නාරාහේන්පිට මහජන සෞඛ්‍ය සංකීර්ණය, කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, කහවත්ත මූලික රෝහල, හම්බන්තොට පැරණි දිස්ත්‍රික් මහ රෝහල, මහමෝදර පැරණි රෝහල, කුරුණෑගල පළාත්  සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, අනුරාධපුර පළාත්  සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, මඩකලපුව පළාත්  සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය යන පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු වීම් සදහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කර ඇත.

මේවන විට රේඛීය  අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් 1350 ක් සේවය කරන අතර පළාත් සභාව යටතේ පවතින ආයතන වල 7450 ක් සේවය කරනු ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *