Latestවිදේශීය

ඉරාන ජනාධිපති ඇතුළු 09දෙනා ‌මියගොස් – සිරුරු සොයාගැනේ

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් ගුවන්යානය කඩාවැටීමෙන් සිදු වූ අනතුරෙන් ගුවන්යානය ගිනිගෙන විනාශ වී ඇති අතර එහි සුන් බුන් අතර තිබී ඉරාන ජනාධිපතිගේ සිරුර. ගලවාගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටි කණ්ඩායම් වෙත හමු වී ඇතැයි වාර්තා වේ.

ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහාද මියගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *