ඩයනා නිවසින් අතුරුදන් වෙලා
මෙරට පුරවැසිභාවයක් නොමැතිව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙරට රැඳී සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනියක්, රාජ්‍ය ඇමතිනියක් ලෙස කටයුතු කිරීම හේතුවෙත් අධිකරණ නියෝගයකින් මන්ත්‍රී ධුරය අහිමි වූ ඩයනා ගමගේ සිය පදිංචි ලිපිනය සහිත නිවසේ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ අනාවරණය කර තිබේ.
ඒ විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ සැකකාරියක ලෙස නම් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගෙන වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.
සැකකාරිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේට කරුණු වාර්තා කර ඇත්තේ එම අවස්ථාවේදීය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

