Latestවිදේශීය

නෙතන්යාහුට සහ හමාස් නායකයින්ට වරෙන්තු?

ගාසා තීරයේ යුද අපරාධ සිදුවූ බවට විශ්වාස කළ හැකි සාධක පවතින බැවින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට්, හමාස් සංවිධානයේ නායකයන් වන ඉස්මයිල් හනියා, මොහොමඩ් අල් මස්රි, ගාසා තීරයේ හමාස් නායක යහ්යා සින්වාරි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා සිට අපරාධ සිදු කළ බවට හමාස් නායකයන් ද, ඔක්තෝබර් මස 8 වැනිදා සිට අපරාධ සිදු කළ බවට ඊශ්‍රායල නායකයන් ද අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන අභිචෝදක ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු බලාපොරොත්තු වන බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර හමාස් සංවිධානයේ නායකයන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා කළ ඉල්ලීම වින්දිතයන් සහ අපරාධකරුවන් එක සමානව සැළකීමක් බව විවේචනය කර ඇති අතර, ඊශ්‍රායල නායකයන්ට වරෙන්තු නිකුත් කිරීමේ ඉල්ලීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඊශ්‍රායලය විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි ඊශ්‍රායලයේ විදේශ ඇමැතිවරයා නිවේදනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?