හමුදා වෑන් රථයක ගැටී තරුණියක් මියයයි
(වන්නි රොමේෂ් මධුෂංක)
යාපනය අච්චුවේලී පොලිස් වසමේ පූතූර් ප්‍රදේශයේදී වෑන් රථයක් පාපැදියක ගමන්කරමින් සිටි තරුණියක් ගැටී සිදුවූ අනතුරකින් එම තරුණිය මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
පූතූර් මංසන්ධියේ සිට ධාවනය වූ අදාල වෑණ් රථය කනකම්පුලියඩි ගම්මානයේදී මාර්ගය හරහා කිරි රැගෙන පාපැදියකින් ගමන් කිරීමට උත්සහ ගත් තරුණිය වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
අනතුරින් වෑන්රථයද පෙරලී ගොස් අසල ගසක වැදී ඇති අතර තරුණියද සමගින් පාපැදියද විසිවී ගොස් ඇතැයි පොලීසිය පැවසීය. එහිදී බරපතල තුවල ලැබූ තරුණිය අච්චුවේලි රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිට ඇති අතර පෙරලී ගිය වෑන් රථයේ රියදුරුද තුවාල ලැබීය.
අනතුරට පත් වූ වෑන් රථය යුදහමුදා වෑන් රථයක් බවට තොරතුරු වර්ථා වන අතරම අනතුරින් මිය ගොස් ඇත්තේ පූත්තූර් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි දිවාකරන් සාරෝජා නැමති තරුණියකි.
අනතුරින් පසුව අච්චුවේලි පොලීසිය හා යුදහමුදාව එක්ව අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

