Latestදේශීය

ඉරාන ජනාධිපති වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉරාන ජනාධිපති මොහොමඩ් රයිසි මහතාගේ අභාවය වෙනුවෙන් සොව පළ කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලෝම  අසුනින් නැගිට සොව පළ කිරීමට එක්වූහ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළ යුතු බවයි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *