Latestදේශීය

ගෝඨාභයගේ රිදී සීනුව රනිල්ගේ වේදිකාවට

ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවේ ප්‍රමුඛතම සහ වඩාත් ප්‍රසිද්ධියට පත් වූ කථිකාවිය වූ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ වේදිකාවට පිවිසෙන බව වාර්තා වේ.

මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය සති අන්තයේ වෝටර් එජ්හිදී පවත්වා තිබේ. ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ පිරිසක් මෙම සාකච්ඡාවට එක්වී සිටි අතර එහි මූලිකම අවධානය යොමු වී ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක වේදිකාවල ප්‍රමුඛ පෙලේ කාන්තා කථිකාවියක් නොවීම පිළිබඳව ය.

එම අඩුව පිරවීමට විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල කැමැත්ත පළ කළ බවත් ඉන් උද්දාමයට පත්වූ පිරිස රාත්‍රී සාදයක් ද පවත්වා ඇති බවත් වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *