මොක්බාර්ට පුටින් අමතයි
ඉරානයේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස මොහොමඩ් මොක්බාර් පත්වීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගෙන් දුරකතන ඇමතුමක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉබ්රාහිම් රයිසි යනු රුසියාවේ විශ්වාසවන්ත මිතුරකු බව පවසා සිය ශෝකය පළ කර ඇති රුසියානු ජනාධිපතිවරයා ඉදිරියේදී තවදුරටත් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. යුක්රේන යුද අර්බුදය ආරම්භ වීමෙන් පසු රුසියාවේ වඩාත්ම සමීපතම මිතුරකු ලෙස ඉරානය ලබා දුන් සහාය ද රුසියානු ජනාධිපතිවරයා සිහිපත් කර ඇතැයි වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

