Latestවිදේශීය

මෝදි කම්පනයට පත්වෙයි

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමෙන් දැඩි කම්පනයට පත්වු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආචාර්ය සෙයිද් ඉබ්‍රාහිම් රයිසි නමින් ඉරාන ජනාධිපතිවරයා හඳුන්වමින් මෝදි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරිමට ඉරාන ජනාධිපතිවරයා විශාල කාර්යභාරයක් ඉටු කළ බවය.

මේ මොහොතේදි තමා ඇතුළු සමස්ත ඉන්දීය ජනතාව ඉරානය සමඟ ශෝකය බෙදා හදා ගැනීමට එක්වන බවත්, ඉරාන ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් වෙත සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවත් එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඉරානයේ චාබර් වරායේ මෙහෙයුම් සිදු කරමින් මධ්‍යම ආසියාවේ වෙළෙඳ කටයුතු පුළුල් කිරීමට ඉන්දියාව පසුගිය 13 වැනිදා ඉරානය සමඟ වසර 10කට ගිවිසුම්ගත වී තිබිණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *