Latestදේශීය

සජබ ගැටුම් උග්‍ර වෙයි – ප්‍රභලයින් එළිපිට ගැටෙති

සමගි ජන බලවේගය පක්ෂයේ හට ගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් තීව්‍ර වෙමින් තිබෙන පසුබිමක මන්ත්‍රීවරුන් 11 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සැලසුම් කර ඇතැයි ද, ඔවුන් මෙහෙයවීම සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සූදානම් වන්නේ යැයි ද වාර්තා වේ.

එම පක්ෂය තුළ අත්තනෝමතික ක්‍රියාකාරකම් සිදුවන බවත් සජිත් ප්‍රේමදාස බාහිර පුද්ගලයින් එයට සම්බන්ධ කර ගැනීමේදී වෙන කිසිවෙකුගේ අදහස් නොතකන බවත් මන්ත්‍රීනි තලතා අතුකෝරාල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. මෑතකදී එයට පොහොට්ටුවේ මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සම්බන්ධ කර ගැනීමෙන් පසු ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ එලිපිට ගැටුම් ඇතිකර ගෙන සිටී. එමෙන් ම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට පවා ගෙන ගිය ගැටුමක් පවති.

මෙම තත්වය තුළ බොහෝ මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීනව කටයුතු කිරීම සඳහා සැලසුම් කර ඇති බව මෙයට පෙර වාර්තා විය. ඔවුන් යම් බලවේගයක් ලෙස ඒකරාශී කර ගනිමින් ඉදිරියේදී තීරණාත්මක කණ්ඩායමක් ලෙසින් බලපෑම් කිරීමට සරත් ෆොන්සේකාගේ මූලිකත්වයෙන් සංවිධානය වීමේ සාකච්ඡාවක් පවතින බව වාර්තා වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *