Latestදේශීය

මිළ ස්ථාවරයට ස්තීර බද්දක් – මහින්ද අමරවීර

අල සහ බී ලූනු මිල ස්ථාවරව පවත්වාගෙන යාම  සඳහා ස්ථිර බද්දක් පැනවීමට  කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය. එම බද්දෙන් අතිරේක ලාභයක් ලැබේ නම් වෙනත් ක්‍රමවේදයක් හරහා එම සහනය පාරිභෝගිකයාට ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයිද  අමාත්‍යවරයැ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. අල, ලූනු වල  හිගයක් ඇති වුවහොත් පමණක් එම බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බවද හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ,

 අල සහ බී ලූනු ගොවීන්ට සිදු වන අසාධාරණය  සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුවේදීත් සාකච්ඡා වුණා. මේ වන විට අර්තාපල් මිල වැඩි වී තිබෙනවා. අපිට අවශ්‍ය බීජ අර්තාපල් වැඩි ප්‍රමාණයක් අපි පිටරටින් ගේනවා. බීජ අර්තාපල් වලට වැඩි මුදලක් වැය වෙනවා. ලංකාව තුළම බීජ අල නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර තිබෙනවා. එවිට පිට රටින් ගෙන්වන බීජ සමග තරග කළ හැකියි. ලාංකීය ගොවීන් මෙරට බීජ අල සඳහා වැඩි කැමැත්තක් තිබෙනවා. එමගින් වැඩි අස්වැන්නක් ලැබෙනවා. බී ලූණු වලටත් මෙම තත්වය ඇති වී තිබෙනවා. ඉන්දියාවේ තහනම අයින් කළාට පස්සේ අද වන විට වෙළෙඳපොළ තොග මිල රු 100 දක්වා අඩු වී තිබෙනවා. ඉදිරියේදී ස්ථාවර මිලක් පවත්වා ගැනීම සඳහා ගොවියාගේ නිෂ්පාදන වියදම අනුව අතිරේක බද්දක් පැනවීමට කටයුතු  කරනවා.මෙමගින් පාරිභෝගිකයා සහ ගොවියා  යන දෙදෙනාම ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ  හැකියි.

කිරි අල, බතල වැනි එළවළු රටින්  ගේන බවට ඇතැමුන් චෝදනවා කරනවා.  නමුත් එළවළු රටින් ගේන්නේ නැහැ. නමුත් අර්තාපල් සහ බී ලූණු පමණක් රටින් ගෙන්වනවා. නමුත් ඉදිරියේදී අර්තාපල් සහ බී ලූණු , මෙරටම නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා  කීය

 මේ වන විට රතු ලූණු වගා කිරීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කර තිබෙනවා. ඉදිරි කන්නයේදී 100%ක් රතුලූණු වලින් ස්වයං පෝෂිත වන  පරිදි එම වැඩපිළිවෙළ සකස් කරනවා.

මේ වන විට වෙළෙඳපොළේ එළවළු මිල විශාල වශයෙන් අඩු වී ඇතැයිද හෙතෙම පැවසීය. එක කාලයක කැරට් මිල රු 3000/ දක්වා වැඩි වුණා.  ඒ අනුව නැවත  එළවළු වගා කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ  කළා. දැන් ගොවියාට හරි මිලක් නොලැබෙන මට්ටමට එළවළු මිල අඩු වී තිබෙනවා. මෙය පාරිභෝගිකයා සහ ගොවියා අතර තිබෙන ප්‍රශ්නයක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *