Latestදේශීය

බන්දුල තියරිය

මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ ජනතාව අන්ත පීඩනයකට පත්වී සිටින අතර, රටේ ණය බර විශාල වශයෙන් ඉහළ යමින් පැවතිය ද මෙම මාර්ගය වෙනස් කළ හොත් රට යළිත් බරපතළ අවදානමකට ලක්වන බව පවසමින් ආණ්ඩුවේ ප්‍රකාශකයින් ජනතාව නොමග යවමින් සිටී.

මේ සඳහා නව වටයකින් ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන එක්වී ඇති අතර ඊයේ (22) පාර්ලිමේන්තුවේදී විවිධ සංඛ්‍යා දක්වමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු මහින්ද රාජපක්ෂ පාලන සමයේ උද්ධමනය පිළිබඳව අදහස් දක්වමින් රුපියල් 2,500කින් පවුලකට මාසයක් ජීවත් විය හැකි බව ප්‍රකාශ කර තිබිණි. එදා එම ප්‍රකාශයට එරෙහිය බරපතළ විරෝධයක් එල්ල විය.

මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු වන රනිල් වික්‍රමසිංහ අත්තඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පැමිණිය යුතු බව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයේදී ප්‍රධානම සටන් පාඨයක් කර ගෙන තිබුණු නමුත් මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේ සිටිමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරමින් සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *