Latestක්‍රීඩාදේශීය

දඹුල්ල තන්ඩර්ස් අයිතිය අහෝසි කරයි

(යොහාන් භාසුර)

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෘප් සතු සියලුම අයිතිවාසිකම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බව එම තරගාවලියේ ප්‍රධානී සමන්ත දොඩම්වල මහතා පැවසීය.

ඉම්පීරියල් ස්පෝට්ස් ගෘප් ප්‍රධාන විධායක නිලධාරී තමීම් රහමාන් මහතාට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව කී දොඩම්වල මහතා එම කණ්ඩායමේ හිමිකාරත්වය වෙනත් පිරිසකට පැවරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

තරග පාවාදීම යෝජනා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා තමීම් රහමාන් මහතා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියම කළේය.

@‌ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *