Latestදේශීය

සීනි බදු වංචාවෙන් ‌රජයට කෝටි 1700ක් අහිමි ‌වුනා – රංජිත් සියඹලාපිටිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි 1700 ක පමණ මුදලක් රජයට අහිමි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.

මෙසේ අහිමි වූ ආදායමින් රුපියල් කෝටි 50ක පමණ මුදලක් අදාළ සමාගම් වලින් දැනට අය කරගෙන ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ ගැන පරීක්ෂණයක් කරගෙන යන බව ඔහු කීවේය.

මේ අතර  රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ඉදිිරිපත් කිරීම ඓතිහාසික තීන්දුවක් බවත් දශක දෙකක් තිස්සේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් බවත් සියඹලාපිටිය මහතා  ප්‍රකාශ කළේය

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ඉදිරි කිරීමට ලැබීම ඓතිහාසික ජයග්‍රහණයක් බවත්, නිදහස් ශ්‍රී ලංකාවේ මූල්‍ය  ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්  රජයක් ගත් අතිශය වැදගත් තීන්දුවක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *