Latestදේශීය

ෆොන්සේකාගේ යුධ කෘතිය සජිත්ට ගෝඨාභයට තීරණාත්මකයි

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඔහු නායකත්වය දුන් යුද මෙහෙයුම්වලට අදාළව ලියන ලද කෘතියක් ඉතා ඉක්මනින් නිකුත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙම කෘතියෙන් විශේෂයෙන් ම, එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වර්තමාන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න, සහ සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කිරීමට නියමිත බවත් වාර්තා වේ. එම කෘතිය කඩිනමින් එළි දැක්වීමට මූලික ම හේතුව වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සමඟ පවතින දේශපාලන ගැටුම බවත් එම පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සමඟ පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කිරීමට යොමු කර ගනිමින් එහි නායකත්වය සරත් ෆොන්සේකා වෙත ලබා ගැනීමේ සැලසුමක් පවතින බව මේ වනවිට හෙළිවී තිබේ. මෙම කෘතිය එළිදැක්වීමෙන් ඔහු වටා මන්ත්‍රීවරුන් එක්රැස් කර ගැනීමට විශාල ශක්තියක් ලබා ගැනීමේ සූදානමක් පවතින බවද වාර්තා වේ.

තතු දත් ආරංචි මාර්ග තවදුරටත් හෙළි කරන්නේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් සී. ඒ. චන්ද්‍රප්‍රේම විසින් රචනා කරන ලද “Gotas war” පොතේ අඩංගු කරුණු රැසක් මේ මගින් නිශ්ප්‍රභා කරන බව ය. එසේ ම කමල් ගුණරත්නගේ නමින් පළ කර තිබෙන “Road to Nandikadal” නම් කෘතියේ සඳහන් කර ඇති කරුණු ද නිශ්ප්‍රභා කර ඇතැයි හෙළිවී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *