ජනමත විචාරණයෙන් රනිල්ට තවත් වසර 5ක් ?
රටේ පවතින තත්ත්වය මත ජනාධිපතිවරණයක් පවත්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර පහක කාලයක් ජනාධිපති ධුරය භාරදීම සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා රට ආර්ථිකයමය වශයෙන් යම් ස්ථාවරයකට පත් කර ගනිමින් ගෙන යන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට සඳහා එය සුදුසු බවත් හෙතෙම පැවසීය.
ජනමත විචාරණයක් පවත්වා වික්‍රමසිංහ මහතාට තවත් වසර පහක පාලන බලයක් ලබා දීමට සියලු පාර්ලිමේන්තුවරුන් එක්ව කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.
සිරිකොතදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

