Latestවිදේශීය

ඉරාන හෙලිකොප්ටර් අනතුරේ පළමු වාර්ථාව නිකුත් වේ

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පළමු වාර්තාව ඉරාන සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.

එම වාර්තාවට අනුව, හෙලිකොප්ටරය එහි කලින් තීරණය කළ මාර්ගයේ ගමන් කර ඇති අතර ගුවන් ගමන් මාර්ගයෙන් බැහැර නොවී ඇති බව අනාවරණය වී ඇත.

එමෙන්ම, අනතුරට මිනිත්තු එකහමාරකට පමණ පෙර අනතුරට පත් හෙලිකොප්ටරයේ නියමුවා ජනාධිපතිවරයාගේ රථ පෙළේ අනෙක් හෙලිකොප්ටර් දෙක අමතා ඇති බවද අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අනතුරට පත් හෙලිකොප්ටරයේ සුන්බුන් මත වෙඩි උණ්ඩ හෝ ඒ හා සමාන භාණ්ඩ පිළිබඳ කිසිදු හෝඩුවාවක් අනාවරණය වී නොමැති බවයි.

ඒ අනුව, කන්දට කඩා වැටීමෙන් පසු හෙලිකොප්ටරය ගිනිගෙන ඇති බව එම වාර්තාවල සඳහන් කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, ගුවන් පාලක මැදිරිය සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය අතර ඇති වූ සංවාදවල කිසිදු සැකකටයුතු කරුණක් අනාවරණය වී නොමැති බව ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *