Latestදේශීය

කොරියානු රැකියා භාෂා විභාගයෙන් 95%ක් සමත් – සම්මුඛ පරීක්ෂණ ජූනි 6 සිට

නිශ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර, ඉන් අයදුම්කරුවන් 3422ක් සමත් වී තිබේ.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3580 පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් සියයට 95.6 කි. මෙම විභාගයේ ප්‍රතිඵල මැයි මස 27 වන දින  www.slbfe.lk වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර විභාගය සමත් වූ අයදුම්කරුවන්සඳහා වෛද්‍ය පරීක්ෂණ මැයි මස 28 වන දින ආරම්භ වේ.

එසේම විභාගය සමත් අයදුම්කරුවන් සඳහාඅදාළ සම්මුඛ පරීක්ෂණ ජුනි මස 06, 07 හා 10 යන දිනයන්හි කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමනික සම්පත් මධ්‍යස්ථාන හා පුහුණු මධ්‍යස්ථානයන්හිදී සිදු කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *