දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කම දිනාගනී
ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි F46 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත්විය.
ඒ මීටර් 64.59ක දක්ෂතාවක් දක්වමින්ය.
අවසන් අවස්ථා වටයවන තෙක්ම දිනේෂ් ප්‍රථම ස්ථානය හිමිකර සිටි නමුත් අවසන් අවස්ථාවේ කියුබානු ක්‍රීඩක වරෝනා ගොන්සාලෙස් මීටර් 65.16ක දක්ෂතාවක් සමඟ දිනේෂ් අද දෙවතාවක් අලුත් කළ තරගාවලි වාර්තාව ද තමන් සතු කරගත්තේය.
තෙවන අවස්ථාව අවසානයේ දිනේෂ් ප්‍රියන්ත යම් ආබාධයකට ද මුහුණ දුන් අතර එසේ නොවන්නට තරගයේ තීරණය වෙනස් වන්නට ද ඉඩ තිබුණි.
දිනේෂ් ප්‍රියන්ත මීට පෙර ද මෙම තරගාවලියේ රිදී පදක්කම් දෙකක් දිනූ අතර, පසුගිය වතාවේ ලෝකඩ පදක්කම ද දිනාගත්තේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

