Latestදේශීය

පැය 36ක අවධානම් කාලයක්

මෙරටට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්වය ඉදිරි පැය 36 සඳහා ද වර්ෂාව මෙන් ම සුළං ප්‍රවාහයන් ද ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් කර තිබේ.

මේ වනවිට සක්‍රිය වී තිබෙන නිරිත දිග මෝසම් තත්වයේ බලපෑම අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ ගිගිරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවත්, සමහර දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා හමා යන තද සුළං ඇති විය හැකි බව ද එම නිවේදනයේ දක්වා තිබේ.

ඊ (23) සවස 04ට නිකුත් කළ එම නිවේදනයෙන් වැසි සහ තද සුළං සම්බන්ධයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ උතුරු පළාත්වලට බලපෑම් ඇතිවන බවට අනාවැකි පළ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *