Latestදේශීය

දිලිත් විමල් රොෂාන් නව සන්ධානයක

(ක්‍රිෂාන් පතිරත් ජයසූරිය)

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ හා ව්‍යවසායක දිලිත් ජයවීර මූලික වී නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡා පවත්වා ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වේ.

උත්තර ලංකා සභාගයේ පිරිසක්ද මේ සන්ධානයට එක්වීමට නියමිත යැයි ද වාර්තා වේ. ඩලස් අලහප්පෙරුම හා දයාසිරි ජයසේකර යන මන්ත්‍රිවරුද මීට සහභාගි කරවා ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බවද දැනගන්නට ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රි පිරිසක් ද මේ සන්ධානයට සම්බන්ධ කර ගැනීම සඳහා සාකච්ඡා පවතින බව පැවසේ.

උත්තර ලංකා සභාගයේ සිටින ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, විජයධරණී ජාතික සභාව, පිවිතුරු හෙළ උරුමය, මෙම සන්ධානයේ අනිවාර්ය පාර්ශ්වකරුවන් බව දේශපාලන ආරංචිමාර්ග කියයි.

එහෙත් මෙම සන්ධානය ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු නම් කිරීම පිළිබඳව තවම තීරණයක් ගෙන නොමැති බව එම සන්ධානයේ ප්‍රකාශකයකු “ඉරිදා මව්බිම”ට පැවසීය.

ජාතික තලයේ දේශපාලන කඳවුර නියෝජනය කිරීමට අවශ්‍ය දේශපාලන වටපිටාව රට තුළ ස්ථාපනය කිරීම වෙනුවෙන් මෙම නව සන්ධානය ආරම්භ කරන බවද හෙතෙම කීය. එමෙන්ම ඉදිරියේදී මෙම සන්ධානය පුළුල් කිරීම වෙනුවෙන්ද වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද මේ පිළිබඳ අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයකු පැවසීය.

මෙම සන්ධානය ගොඩනැඟීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඉදිරි සතියේ කොළඹදී පැවැත්වෙන බවද එම ප්‍රකාශකයා කීවේය. ඉන් අනතුරුව එම සන්ධානය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයා රටට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.
@ Mawbima


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *