Latestවිදේශීය

පලස්තීනයට කොලොම්බියා නව තානාපති කාර්යාලයක්

පලස්තීනයේ රමල්ලා නුවර නව තානාපති කාර්යාලයක් විවෘත කරන ලෙස කොලොම්බියාවේ ජනාධිපති ගස්ටාවෝ පෙට්රෝ සිය නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි එරට විදේශ ඇමැති ලුයිස් ගිල්බර්ටෝ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉදිරියේදී තවත් රටවල් රැසක් කොලොම්බියාව අනුගමනය කරමින් පලස්තීනයේ තානාපති කාර්යාල ස්ථාපිත කරනු ඇතැයි කොෙලාම්බියා විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ. ගාසා තීරයේ යුද අර්බුදය මුල් කරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර කොලොම්බියා තානාපතිවරයා නැවත කැඳවූ ජනාධිපති ගස්ටාවෝ පෙට්රෝ ඊශ්‍රායලය සමඟ සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අවසන් බව නිවේදනය කළ අතර, පසුගිය 3 වැනිදා එම තානාපති කාර්යාලය වසා දැමීමට උපදෙස් දුන් බව ද වාර්තා වේ.

කොලොම්බියාවේ ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කර ඇති ඊශ්‍රායල විදේශ ඇමැති ඉස්රායිල් කට්ස් ඔහු යුදෙව් විරෝධියකු බවට චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *