පොහොට්ටුව ඇතුළේ අර්බුද උග්‍රවෙයි – රනිල් හිතවාදීන්ට බරපතල ප්‍රහාර
රාජපක්ෂ පවුලේ නාමල් කේන්ද්‍රකර ගත් පිරිස මේ වනවිට රනිල් වික්‍රමසිංහට එරෙහිව විවෘතව ම මත ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇති අතර ඉදිරි සති දෙක තුළ කුමන හෝ ආකාරයකින් ගැටුම් නිරාකරණය විය යුතු බව තව පිරිසක් පෙන්වා දී තිබේ.
නාමල් රාජපක්ෂ වෙනුවෙන් න්‍යායාචාර්ය අදහස් දක්වන කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබෙන්නේ තව දුරටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැඳී සිටිමින් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කඩේ යාම නතර කළ යුතු කඩඉමකට පැමිණ ඇති බවයි. යම් කෙනෙකුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැඳී සිටිය නොහැකි නම් කොන්ද කෙලින් තබා ගෙන ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට එක්විය යුතු යැයි නාමල්ගේ න්‍යායාචාර්යවරු දැඩි ප්‍රහාරාත්මක සටහන් තබමින් සමාජ මාධ්‍යයේ මත පළකර තිබේ.
මේ අතර මහින්ද රාජපක්ෂද එවැනි ම දැඩි ප්‍රකාශයක් පොහොට්ටු මන්ත්‍රීවරුන් අමතා කර ඇති බව මාධ්‍ය වාර්තාවල පළවේ. “නිකන් බොරුවට අපේක්ෂකයන් පස්සේ දුවන වැඩ නවත්වන්න“ යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත. එසේම ගම්වලට ගොස් පක්ෂය වෙනුවෙන් වැඩ කරන ලෙස ද කොළඹ රැඳී සිටිමින් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව හානිකර මත ප්‍රකාශ කිරීම නවත්වන ලෙස ද දැඩි ලෙස අවවාද කර ඇතැයි මේ වනවිට වාර්තා පළ වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

